සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ.
උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වශයෙන් සැලකෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ රාජකීය මුද්‍රාව විදිහට භාවිතා කළ මුද්‍රාවේ සිතුවම තමා මේ කතාවේ මුල.
I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව
මේ සිතුවමේ දැක්වෙන විදිහට රජතුමාගේ රාජකීය මුද්‍රාවේ තිබිලා තියෙන්නේ දකුණු අතින් කෙටි අසිපතක් දරාගෙන ඉන්න අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණු පුද්ගල රුවක්. ඒ පුද්ගල රුව වටේට වැල් දෙකක් වෘත්තාකාරව දක්වලා තිබෙනවා. කෙටි අසිපත දරාගෙන සිටින පුද්ගල රුව ගැන තවත් විස්තර කළොත් සර්වාංගයම ආවරණය වන ආකාරයට ඒ පුද්ගලයා සැරසී සිටින බව පෙනෙනවා.
ඒ වගේමයි හිසේ අලංකාරව සරසා තිබෙන ජටාවක් වැනි දෙයක් දකින්න පුලුවන් වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින බවකුත් පෙනනවා. ඒ වගේමයි පාදවලත් පාසළඹ වැනි යමක් පැළඳගෙන සිටින බවක් පෙනෙනවා. වම් අත ඉණට තබාගෙන සිටින අතර හිඳගෙන සිටින ඉරියව්වක් තමා පෙන්නුම් කරන්නේ.

මේ රුව සහිත I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව රජතුමා සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසි කපිතාන්වරයාට යවපු ලියුමේ තිබුණු බව ෆර්නාඕ ද ක්වේරෝස් දක්වනවා.
ඒ වගේමයි 1602 දී I විමලධර්මසූරිය රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජගේ චාරිකා සටහන් ඇතුළත් වාර්තාවේද මේ රුව සහිත මුද්‍රාවේ සිතුවමක් තිබූ බව පෙනෙනවා.
මීළඟට එන ගැටලුව තමාඇත්තටම මේ රුවෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියන එක. මේ ගැන කිසියම් ඉඟියක් ලැබෙන්නේ 1770 දී එංගලන්තයේදී ඇලෙක්සැන්ඩර් හොග් විසින් ප්‍රකාශයට පත් කරපු කෘතියක තිබෙන සිතුවමක් හරහා.
ඒ සිතුවමේ පිරිසක් කිසියම් ප්‍රතිමාවකට පුද පූජා පවත්වන ආකාරයක් දැකගන්න පුලුවන්. සිතුවමේ විස්තරය වශයෙන් දක්වලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂක දෙවියා වන බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීම කියලා.
I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවේ දක්නට ලැබුණු කඩුවක් අතින් ගත් පුද්ගලයා සහ මේ සිතුවමේ දැකගන්න පුලුවන් කඩුවක් අතින් ගත් පුද්ගල රුව අතරේ ලොකු සමානකමක් තියෙන්නේ.
කලින් I විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාවේ සිටි පුද්ගලයා වගේම දකුණු අතින් අසිපතක් දරාගෙන වම් අත ඉණට තබාගෙන සිටින ආකාරය මේ ප්‍රතිමාවෙත් දැකගන්න පුලුවන්. ඒ වගේමයි සර්වාංගයම වැසෙන ආකාරයෙන් වස්ත්‍රයක් සැරසී සිටිනවා වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින ආකාරය පෙනෙනවා. පෙර පරිදිම හිසේ අලංකාර ජටාවක් දැකගන්න පුලුවන්.
මේ ප්‍රතිමාව ඉදිරිපිට සර්පයන්ගේ රූ සහිත පුදසුනක් තබා තිබෙනවා වගේම ප්‍රතිමාව දෙපසින් පූජා භාජන රැගත් මිනිසුන් දැකගන්න පුලුවන්. ඉදිරියේම සිටින හිස කෙස් මුඩු කරලා රැවුල වවාගෙන සිටින පුද්ගලයා පූජකයෙක් විදිහට අනුමාන කරන්න පුලුවන්. මෙම ප්‍රතිමාව තබා තිබෙන ශාලාවේ බිත්ති ආදියේදී අවි ආයුධ සවිකර ඇති අතරම බිත්තිවල තිබෙන සිතුවම්වලද ආයුධ අතින් ගත් අයගේ රූප දැකගන්න පුලුවන්.

මේ කරුණු පිළිබඳව සළකා බැලුවොත් මේ බුදුන් වහන්සේ නොවන බව හොඳාකාරවම පැහැදිලියි. බුදුන් වහන්සේව නිරූපණය කරන කිසිම රූපයක මේ ආකාරයෙන් උන්වහන්සේ අවි ආයුධ දරා සිටින ආකාරයක් නොපෙන්වන නිසාම මේක කිසියම් වැරදීමක් කියලා හිතාගන්න පුලුවන්.
බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්
".....මෙම රට වැසියන් අදහන ප්‍රධාන දෙවියන් වූ බුදුන් වහන්සේ මේ කඳු මුදුනේ [ශ්‍රී පාදය] විසූ බවත් මෙරට වැසියන් හට වන්දනාමාන කර ගැනීමට ස්වකීය පාද ලාංඡනය මෙම කඳු මුදුනෙහි පිහිටුවා උන්වහන්සේ නිර්වාණයට ගිය බවත් මෙරට වැසියෝ විශ්වාස කරති...."
ඉහත කාරණේ බැහැර කළත් මේ සිතුවම හරහා යුධකාමී දෙවි කෙනෙක් ලක්වැසියන්ගේ විශේෂයෙන් උඩරට වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වුණු බව පෙනෙන්න තියෙනවා.
ඒ යුධකාමී දෙවියන්ගේ රුව උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වුණු I විමලධර්මසූරියගේ රාජකීය මුද්‍රාවේ තියෙන නිසා මේ යුධකාමී දෙවියන්ව වන්දනා කිරීම උඩරට රාජධානිය ආරම්භ වුණු සමයේ ඉදන්ම තිබුණාය හෝ එහෙමත් නැත්නම් මේ යුධකාමී දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියා විදිහට I විමලධර්මසූරිය රජතුමා විශ්වාස කළාය කියන අනුමානයට එළඹෙන්න පුලුවන්.

සිංහල රජුන්ගේ රාජකීය ලාංඡනයට සිංහයා බොහෝ විට යෙදුණත් I විමලධර්මසූරිය රජතුමා ඒකෙන් බැහැරවීම ගැන මගේ අදහස තමා රජතුමා තරුණ වයසේ ඉදන්ම පෘතුගීසින් සමීපයේ හැදුණා වගේම ගෝවේ වගේ ප්‍රදේශවල වාසය කිරීමත් එක්ක කතෝලික දහම මත බැඳුණු අදහස් රැසක් හිතේ තිබුණා වෙන්න ඕනේ.
සාමාන්‍යයෙන් කතෝලික පාලකයන් තමන්ගේ රාජකීය ලාංඡනයට කතෝලික දහමත් එක්ක සම්බන්ධ වෙන යම් යම් සංකේත එකතු කිරීම දැකගන්න පුලුවන්. ඒ ක්‍රමය අනුගමනය කරමින් I විමලධර්මසූරිය රජතුමාත් තමන් පිළිගත් දෙවියාගේ රුව තමන්ගේ රාජකීය මුද්‍රාවට ඇතුළත් කළා වෙන්න පුලුවන්.
උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ.

පෘතුගාල රාජකීය ලාංඡනය
උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ.
ඉතින් උඩින් දක්වලා තියෙන රූප දෙකෙන්ම පෙන්නුම් කරන යුධකාමී දෙවියන් කවුද කියන එක ගැටලුවක්. නුවර යුගයේ රාජ්‍යත්වයත් එක්ක බැඳිලා ඉන්න ප්‍රධානම දෙවියා වෙන්නේ නාථ දෙවියන්. රජුන්ගේ අභිෂේක මංගල්‍යය සිදුකිරීමේදී වැදගත්ම වැඩ කොටස ඉටු කළෙත් නාථ දේවාලයෙන්.
ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.
විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.
ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.
ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්.
මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.
මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.
මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.
III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.
මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන්සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.
අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.
සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.
“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”
මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.
වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.
තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා
මේ කවිවලින් කියවෙන විදිහට දොඩන්වල දේවාලය තිබුණු තැන හේනක් සකස් කරන්න ආපු ගැමියෙන් අතින් එතැන තිබුණු නා ගසක් කැපීමෙන් එතැනින් ලේ ගලාගෙන ඇවිත් තියෙනවා. බයට පත්වුණු ගැමියා සිහිසුන් වීමත් එක්ක දෙවියෝ සිහිනෙන් පෙනිලා දේවාලයක් කරන්න අණ කිරීමත් එක්ක එතැන දේවාලයක් ඉදි කරවලා තියෙනවා.
පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.
ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.
විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.
නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.
මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.
ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.
I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.
මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.
ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.
මහනුවර නාථ දේවාලයේ නාථ දේව ප්‍රතිමාව
ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.
විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.
මහනුවර නාථ දේවාලය
ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.
ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්.
විෂ්ණු දෙවියෝ
මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.
කතරගම දෙවියෝ
මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.
බදුලු කතරගම දේවාලය
මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.
III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.
මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන්සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.
අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.
සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.
“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”
මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.
වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.
හේනක් කොටන්නට
ගොවියෙක් ඇවිත් එතනට
කෙටූ නා පැලයට
රුදිර දස අත ගියේ විගසට
රුදිර දස අත ගියේ විගසට
බිය පත් වී වැටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින
තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා
දෑත දෙපයෙන් ගිනි දැල් පිටත් උනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා
දොඩන්වල දේවාලය
පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.
ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.
දොඩන්වල දේවාලය
විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.
නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.
මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.
ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.
I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.
මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.
ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.
No comments:
Post a Comment